ඔබේ නොදැනුවත්කම නිසා ගෑස් අපතේ යන ක්‍රම සහ ඒවා වළක්වා ගන්නා ආකාරය.


ලෝකයේ බහුතරයක් ගෘහණියන්ගේ එදිනෙදා වැඩ කටයුතු කාර්යක්ෂම කරන ප්‍රබලම ඉන්ධන ප්‍රභවය තමයි එල්පී ගෑස් කියන්නේ.එල්.පී ගෑස් භාවිතා කරන බහුතරයක් දෙනා අනිවාර්යෙන්ම එල්.පී මිලදී ගන්නේ මුදලක් ගෙවීමෙන් අනතුරුවයි.


ඒ ආකාරයෙන් මූල්‍යමය වටිනාකමක් යටතේ මිලදී ගන්නා එල්.පී භාවිතා කිරීමේ දී ගෘහණියක් එය අර පිරිමැස්මෙන් භාවිතා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු විය යුතුයි.බොහෝ ගෘහණියන්ගේ නොදැනුවත්කම නිසා ගෑස් අපතේ යන ක්‍රම සහ ඒවා වළක්වා ගන්නා ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට තමයි මේ සූදානම.


විටින් විට ආහාර පිසීම සිදු කිරීම


ඔබ විටින් විට විශාල ආහාර ප්‍රමාණයක් පිසීමට එල්පී ගෑස් භාවිතා කරනවා වෙනුවට එකවර වෑංජන කීපයක් පිසීමට තීරණය කරන විට ඒ තුළින්ද එල්පී ගෑස් අනවශ්‍ය ආකාරයෙන් අපතේ යාම  වළක්වා ගැනීමට හැකියි.හේතුව ආහාර පිසින අවස්ථාවේදී  එල් පී ගෑස් උදුනේ සැලකිය යුතු මට්ටමේ උෂ්ණත්වයක් පවතී. එම උෂ්ණත්වය යටතේම අනෙකුත් වෑංජන පිසගැනීමේදී වැය වන ගෑස් ප්‍රමාණය අවම කර ගැනීමට ඔබට හැකියාව ලැබේ.


ගෑස් උඳුනේ ආහාර සිසීමට සුදුසු බඳුන් තෝරාගැනීම.


එල්.පී භාවිතා කරන උඳුනක ආහාර පිසීම සඳහා නියමිත වුණු  වෙනම භාජන පවතී.ඉතාමත් කෙටි උෂ්ණත්වයක් යටතේ  රත්වන පතුලේ ඝනකම අඩු ඇලුමීනියම් වැනි භාජන ගෑස් උඳුනක ආහාර සිසීමට භාවිතා කිරීමේදී  අනවශ්‍ය ගෑස් හානිය වළක්වා ගැනීමට හැකියාව ලැබේ.මීට අමතරව මැටි භාජන භාවිතා කිරීමේදී එම භාජන රත්වීමට අධික වේලාවක් වැය වනන නිසාත් එවැනි භාජන වෙනුවට වර්තමාන වෙළඳපළේ ගෑස් උඳුනේ තබා ආහාර පිසීමට නිර්දේශ කර ඇති මැටි භාජන භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.


බාහිර සාධක වලින් ආවරණය වූ ස්ථානයක ගෑස් ලිප ස්ථාපිත කිරීම.


සාමාන්‍යයෙන් සඳහන් කරන ආකාරයට ගෑස් සිලින්ඩරයක් ස්ථාපිත කළ යුත්තේ හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක.නමුත් අනවශ්‍ය ආකාරයෙන් සුළං හමන තැනක ඔබේ ගෑස් සිලින්ඩරයා සවිකළහොත් ආහාර පිසීමේදී සුළඟින් එන බාධකය නිසා ගෑස් දැල්ලේ ත්‍රීවරතාවය අඩු වැඩි විය හැකියි.එවිට වැඩි ගෑස් ප්‍රමාණයක් ආහාර පිසීමේ ක්‍රියාවලියට වැය වීමසිදුවේ.


ගෑස් උඳුන සහ රෙගුලේටරය නඩත්තු කිරීම


ගෑස් උඳුන සහ රෙගුලේටරය නිසි පරිදි  ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කිරීම ඔබ නිතර සිදු කළ යුතුයි.එවිට ගෑස් උඳුනෙන් ගෑස් කාන්දු වීමක් සිදුවේ නම් එය පිළිබඳව අවධානය යොමු කර ගෑස් අපතේ යාම වලක්වා ගත හැකියි.

ඉතින් මෙවැනි ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් එල්.පී ගෑස් අනවශ්‍ය ආකාරයෙන් අපතේ යන අවස්ථාවන් අවම කර ගැනීමට හැකියාව ලැබේ.ඒ නිසා ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීම අනිවාර්ය වේ.

ඔබේ නොදැනුවත්කම නිසා ගෑස් අපතේ යන ක්‍රම සහ ඒවා වළක්වා ගන්නා ආකාරය. ඔබේ නොදැනුවත්කම නිසා ගෑස් අපතේ යන ක්‍රම සහ ඒවා වළක්වා ගන්නා ආකාරය. Reviewed by News Hub on 5:27 AM Rating: 5

No comments:

Powered by Blogger.