ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්තව ගෑස් සපයන ලිට්රෝ ගෑස් සමාගම.

 


භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපලට එන විට එහි ගුණාත්මක තත්ත්වය පිළිබඳව වෙනදටත් වඩා අවධානය යොමු කිරීමට පාරිභෝගිකයන් උත්සහ කරනවා.අන්න ඒ නිසාමයි අද අපි සූදානම් වන්නේ සියයට 75 කටත් වඩා වෙළඳපල ඉල්ලුමෙන් ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන ලිට්රෝ  සමාගමේ ප්‍රමිතිය පිළිබඳව ඔබව දැනුවත් කරන්න.


ශ්‍රී ලංකා වෙළඳපොලේ සැලකිය යුතු ආකාරයේ වෙළඳ අලවිකරන අයිතීන් දිනාගෙන සිටින ලිට්රෝ සමාගම එල්.පී ගෑස් වල සංයෝගයන් ලෙස සලකන ප්‍රොපෙන් සහ බියුටේන් ජාත්‍යන්තර සම්මිශ්‍රණයකට අනුව තමයි ආනයනය කිරීම සිදුකරන්නේ. ඉන් අනතුරුව ජාත්‍යන්තර වෙළඳපලෙන් මෙම සංයෝග නැව්ගත කරන අවස්ථාවේ මෙන්ම නැවත ඒවා කෙරවලපිටියේ දී ගොඩ බාන අවස්ථාව දක්වාම විවිධ අවස්ථාවන්වලදී සංයුතයෙන් පරික්ෂා කර සහතික කිරීම සිදුකරයි.මේ ක්‍රියාවලිය තුළ නිරත වෙලා සිටින්නේ ඒ වෙනුවෙන්ම සුදුසුකම් ලැබූ අත්දැකීම් බහුල සුවිශේෂී කාර්ය මණ්ඩලයක්.


ඊටත් පසු නිසි ආකාරයෙන් උසස්ම තාක්ෂණයන් භාවිතා කර  ගෑස් සිලින්ඩර මුද්‍රා තැබීම සිදුකිරීම ආරම්භ කරනවා.මේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට ඒ වෙනුවෙන්ම සුදුසුකම් ලත් විශේෂ කණ්ඩායමක් පත්කර ඇති අතර ඔවුන් ජාත්‍යන්තරය පිළිගත් කණ්ඩායමක් වීමත් සුවිශේෂීයි.


මෙවැනි ක්‍රියාවලියක් තුළින් ලිට්රෝ ගෑස් වෙළඳපළට පැමිණියත්  සුළුතරයක් දෙනා පවසන දෙයක් තමයි ගෑස් කාන්දු වීම් සිදුවෙනවා කියන චෝදනාව.හැබැයි ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්තව නිෂ්පාදනය කරන ලිට්රෝ  ගෑස් එවැනි කාන්දු වීම් වලින් තොරයි. මේ සඳහා විවිධ හේතු මේ වෙද්දිත් පරීක්ෂකයන් විසින් තහවුරු කරගෙන අවසන්.ඒ හේතු අතර රෙගුලේටරය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම,ගැස් ලිප දිරායාම  වැනි හේතු සාධක දක්වන්න පුළුවන්.


ලිට්රෝ ගෑස්  සමාගම දැනුවත් කරන ආකාරයට අවම වශයෙන්  ඔබ භාවිතා කරනා රෙගුලේටරය වසර පහකට වරක් සහ එල් පී භාවිතා කිරීම සඳහා යොදා ගන්නා බටය වසර දෙකකට වරක් වත් මාරු කිරීම සිදුකළ යුතුයි. මෙවැනි ක්‍රියාවලීන් තුලින් ජාත්‍යන්තරව ප්‍රමිතිගතව වෙළඳපොළට පැමිණෙන ලිට්රෝ ගෑස් සිලින්ඩරය වැඩි කාලයක් පාරිභෝජනය කිරීමට ඔබට හැකියාව ලැබෙයි.

ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්තව ගෑස් සපයන ලිට්රෝ ගෑස් සමාගම. ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්තව ගෑස් සපයන ලිට්රෝ ගෑස් සමාගම. Reviewed by News Hub on 12:04 AM Rating: 5

No comments:

Powered by Blogger.