ඔබේ නොදැනුවත්කම නිසා ගෑස් නාස්ති වන විදි සහ ඒවා වළක්වා ගන්න හැටි.


ගෑස් කියන්නේ ගෘහණියන්ට වගේම ව්‍යාපාර කටයුතු කරන අයටත් එක සේ තමන්ගේ වැඩකටයුතු පහසු කරවන ඉන්ධන වර්ගයක්. මේ නිසාම ගෑස් බොහෝ දෙනෙක් අතර ප්‍රචලිතයි වගේම බොහෝ දෙනෙක් භාවිතා කරන ඉන්ධන වර්ගයක් බවට පත් වී තිබෙනවා. නමුත් බොහෝ දෙනෙකුගේ නොදැනුවත්කම නිසා ගෑස් අනවශ්‍ය ලෙස නාස්ති වී යන්නට පුළුවන්. අද ලිපියෙන් අපි කතා කරන්නේ මේ ආකාරයට ගෑස් නාස්ති වන ආකාර කිහිපයක් සහ ඒවා අවම කරගන්නා ආකාර කිහිපයක් පිළිබදවයි. 


01 – වරින් වර ජලය රත් කිරීම.

ශ්‍රී ලංකාවේ අපේ නිවෙස් වල වරින් වර තේ පානය කිරීම සාමාන්‍යෙන් සිදු වෙන දෙයක්. නිතරම තේ,කෝපි වැනි පානයන් වලට හුරු වී සිටින අපි මේ නිසාම වරින් වර ජලය රත් කිරීමට පුරුදු වී සිටිනවා. නමුත් ජලය රත් වී නැටීමට යන ගෑස් ප්‍රමාණය දිනයකට කිහිප වතාවක්ම වැය වී යාම, ඔබේ ගෑස් ටැංකිය ඉක්මනින්ම නාස්ති වී යාමට ප්‍රධාන හේතුවක් වෙනවා. මේ නිසා මේ තත්වය අවම කර ගැනීම සදහා උණු වතුර බෝතලයක් භාවිතා කරන්නට ඔබට පුළුවන්. 


02 –  ආහාර වරින් වර පිසීම.

සාමාන්‍යෙන් ගෑස් උදුන රත් වූ විට එහි යම් උෂ්නත්වයක් ගැබ් බී තිබෙනවා. මේ නිසා සාමාන්‍යෙන් නිවසක පිසින ආහාර වේල එක වර පිස ගැනීමෙන් විශාල ගෑස් ප්‍රමාණයක් ඉතුරු කරගන්නට පුළුවන්. ඔබ ගෘහණියක් නම් ඔබ පිසින්නේ කුමන ආහාරද යන්න පිලිබදව මුලින් සැලසුම් කොට එක වරම ආහාර පිස ගැනීමට කටයුතු කරන්න. එවිට නැවත නැවතත් ගෑස් උදුන රත් වීමට යන කාලය අවම වෙන නිසා සැලකිය යුතු ගෑස් ප්‍රමාණයක් ඉතුරු කරගන්නට ඔබට පුළුවන්. ඒවගේම ආහාර පිසින අතරේත් උදාහරණයක් ලෙස ව්‍යංජනයක් පිසීමෙන් පසුව ගෑස් ලිප නිවා නොදමා ඒ සමගම ඊලග ව්‍යංජනය උදුනෙන් තැබීමට කටයුතු කරන්න. සියලුම ආහාර පිසීමෙන් පසුව ගෑස් ලිප නිවා දමන්න. 


03 – ගෑස් ලිප නිසි පරිදි ස්ථාන ගත නොකිරීම.

සාමාන්‍යෙන් ගෑස් ලිපේ දැල්ල නිල් පැහැයෙන් සමන්විත නම් එය උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව දහනය වන බව ඔබට තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම ගෑස් ලිප ස්ථාන ගත කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. අධිකව සුලං හමන ස්ථානයක ගෑස් ලිප තැබීමෙන් ගෑස් ලිපේ දැල්ල ඉවතට හමා යන නිසා නිසි කාර්යක්ෂමතාවයකින් යුතුව ගෑස් භාවිතා කිරීමේ අවස්ථාව ඔබට අහිමි වී යනවා. මේ නිසා ඔබගේ මුළුතැන්ගෙයි හෝ ව්‍යාපාරික ස්ථානයේ සිසිල්, වියළි, අධිකව සුළං නැති සුදුසු ස්ථානයක ගෑස් ලිප ස්ථානගත කිරීමට කටයුතු කරන්න. 


04 – ගෑස් ලිප සහ අමතර කොටස් නිසි පරිදි නඩත්තු නොකිරීම.

බොහෝ දෙනෙක් ඒ තරම් සැලකිල්ලක් නොදැක්වූවත් ඔබ අනිවාර්‍යෙන්ම ගෑස් ලිප සහ එහි අමතර කොටස් පිලිබදව විශාල අවධානයක් දැක්විය යුතු වෙනවා. දිරා ගිය, මල කඩ කෑ ගෑස් බර්නර්, ආධාරක, වැනි අමතර කොටස් නිසා ගෑස් උදුනේ කාර්යක්ෂමතාවය අඩු වී යන්නට පුළුවන්. මේ නිසා නිතරම ඔබේ ගෑස් උදුනට ප්‍රමිතියෙන් යුතු අමතර කොටස් භාවිතා කිරීමට කටයුතු කරන්න. සතියකට වතාවක් ගෑස් උදුනේ ගැලවිය හැකි කොටස් ගලවා හොදින් පිසදමා නඩත්තු කරන්න. 

ඉහත සදහන් ආකාර වලට ගෑස් භාවිතා කිරීමෙන් ඔබට වෙනදා භාවිතා කරන ගෑස් ටැංකිය තවත් වැඩි කාලයක් භාවිතා කරන්නට අවස්ථාව හිමි වේවී. 


ඔබේ නොදැනුවත්කම නිසා ගෑස් නාස්ති වන විදි සහ ඒවා වළක්වා ගන්න හැටි. ඔබේ නොදැනුවත්කම නිසා ගෑස් නාස්ති වන විදි සහ ඒවා වළක්වා ගන්න හැටි. Reviewed by News Hub on 5:46 AM Rating: 5

No comments:

Powered by Blogger.