කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සදහා වාසිදායකම බලශක්ති නිෂ්පාදනය ලිට්රෝ ගෑස් 12.5 සිලින්ඩරේ බව තහවුරු වේ .


ශ්‍රී ලංකාවේ අනාගතය රැදී තිබෙන්නේ අලුතෙන් ආරම්භ වෙන නව ව්‍යවසාය අදහස් සහිත සාර්ථක ව්‍යාපාර මත බව අපි හොදින්ම දන්නා කාරණයක්. ඒවගේම වර්තමානයේ ඉතා විශාල සමාගම් බවට පත් වී තිබෙන ව්‍යාපාර ආරම්භ වුනේ විශාල වත්කම් ප්‍රමාණයක් සහිතව නොවෙයි. මේ නිසාම රටක ආර්ථිකය වර්ධනය කිරීමේදී සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර වලට සැලකිය යුතු තැනක් ලබා දිය යුතු බව ආර්ථික විද්‍යාඥයන් පවා විශ්වාස කරන කාරණයක්. ආහාර වගේම විවිධාකාර නිෂ්පාදන මෙන්ම දහසකුත් එකක් ව්‍යාපාර කටයුතු සදහා ඉන්ධනයක් වශයෙන් ගෑස් භාවිතා කිරීම වඩාත් පහසුදායී මෙන්ම ලාබදායී ක්‍රමය බවට පත් වී තිබෙනවා. මෙ නිසාම සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහය නොමදව ලබා දීමට ලිට්රෝ ගෑස් සමාගම කටයුතු කරමින් සිටිනවා. මෙවැනි ව්‍යාපාර සදහා ප්‍රමාණයෙන් විශාල කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර භාවිතා කිරීම වඩාත් ලාබදායී වෙන්නේ ඇයි? අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ ඒ ගැනයි. 

01. වඩා වැඩි කාලයක් භාවිතා කිරීමට හැකිවීම. 

සුළු හෝ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරයක් වැඩි දියුණු කිරීමේදී එහි පිරිවැය සම්බන්ධව විශාල අවධානයක් යොමු කල යුතු වෙනවා. මෙවැනි තත්වයක් යටතේ ව්‍යාපාරිකයන් භාවිතා කල යුත්තේ තමන් ගෙවන මුදලට උපරිම සාධාරණයක් ඉටු කරන නිෂ්පාදනයි. සාමානයෙන් මාස කිහිපයක් භාවිතා කල හැකි කිලෝග්‍රෑම් 12.5 කින් සමන්විත ගෑස් සිලින්ඩරය වඩා වැඩි කාලයක් භාවිතා කල හැකි නිසා කිසිදු අවහිරයක් හෝ බාධාවක් නොමැතිව තමන්ගේ ව්‍යාපාර කටයුතු වල නිරත වෙන්නට ව්‍යාපාරිකයන්ට පුළුවන්. ඒ තුලින් තමන්ගේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමටත් ව්‍යාපාරිකයන්ට අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම ලිට්රෝ ගෑස්  කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක ශක්ති ප්‍රමාණය දර කිලෝ 116කින් ලබාගත හැකි බලශක්ති ප්‍රමාණයට සමාන වෙනවා, ඒ අනුව ගත් කල පරිසර දුෂණය වැලැක්වීම තුලද ලිට්රෝ ගෑස් සුවිශේෂී කාර්යය භාරයක් ඉටුකරනු ලබනවා.

02. ප්‍රවාහන වියදම් අවම කර ගැනීම. 

කුඩා හෝ සාමාන්‍ය ප්‍රමාණයේ සිලින්ඩර භාවිතා කිරීම වෙනුවට එක වර විශාල සිලින්ඩරයක් මිලදී ගැනීමෙන් වරින් වර ගෑස් සිලින්ඩර ප්‍රවාහණය කිරීම සදහා වැය වෙන මුදල ඉතිරි කරගන්නට ව්‍යාපාරිකයන්ට පුළුවන්. ඒ වගේම ඒ සදහා වැය වන අනවශ්‍ය කාලයත් මේ තුලින් අවම වෙනවා. 

03. සැලකිය යුතු මිල ස්ථාවරත්වය.

ශ්‍රීත ඍතුව උදාවීමත් සමග ලෝක වෙලද පොලේ එල්පී ගෑස් ඉල්ලුම ඉහළයාමට සාපේක්ෂව ගෑස් මිල ඉහල ගියත්. ලිට්රෝ සමාගමේ මනා තොග කළමනාකරණය තුලින් ගෑස් මිල ස්ථාවරව පවත්වාගෙන යනු ලබනවා, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 kg ගෑස් සිලින්ඩරයේ මිල පසුගිය මාස කිහිපය පුරාවටම ස්ථාවරව පවත්වා ගෙන යාමට හැකියාව ලැබුනා. ඒ වගේම ලිට්රෝ ගෑස් භාවිතා කිරීමේ අනෙක් වාසිය වන්නේ ලෝක වෙළදපලේ මිල ඉහළ යද්දී පවා තමන්ගේ පාරිභෝගිකයන් පිළිබදව සිතන ලිට්රෝ සමාගම පහසු සහ සහනදායී මිලට ගෑස් සැපයීමට කටයුතු කිරීමයි. 

ඉහත සදහන් කල කරුණු වලට අමතරව පරිසර දූෂණය අවම කරමින්, වඩාත් පහසුවෙන් මෙන්ම ආරක්ෂාකාරීව භාවිතා කල හැකි ඉන්ධන වර්ගය වන්නේත් ගෑස් නිසා සෑම අතින්ම කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සදහා ගෑස් භාවිතා කිරීම වඩාත් සුදුසු වෙනවා. මේ වන විට ගම් දනව් සිසාරා අලෙව් මධ්‍යස්ථාන සිය ගණනකින් ගෑස් මිලදී ගත හැකි නිසා අනවශ්‍ය ලෙස රස්තියාදු වීමටත් ව්‍යාපාරිකයන්ට සිදු වන්නේ නැහැ. 

ඒ මතක් කිරීමත් සමගින් අද ලිපියෙන් අපි සමු ගන්නවා. නැවතත් මෙවැනිම ලිපියකින් හමුවන තුරු සියලුම දෙනාට සුබ දවසක්!

කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සදහා වාසිදායකම බලශක්ති නිෂ්පාදනය ලිට්රෝ ගෑස් 12.5 සිලින්ඩරේ බව තහවුරු වේ . කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සදහා වාසිදායකම බලශක්ති නිෂ්පාදනය ලිට්රෝ ගෑස් 12.5 සිලින්ඩරේ බව තහවුරු වේ . Reviewed by News Hub on 8:08 PM Rating: 5

No comments:

Powered by Blogger.