ගෑස් භාවිතය වැඩි වෙයි, ගෙදරක අත්‍යවශ්‍ය භාණ්ඩ අතරට එල් පී ගෑස්.
නවීකරණය වූ ලෝකයත් සමඟම බහුතරයක් දෙනා ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගත කරන පුද්ගලයන්. එම නිසා මොවුන්ගේ දෛනික වැඩ කටයුතු ඉතාමත් ඉක්මනින් පහසුවෙන් කරගෙන යෑම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරයි.
මේ අතරින් විශේෂයෙන් ගෘහණියන්ගේ දෛනික කටයුතු ලේසි පහසු කරන අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස LP ගෑස් හඳුන්වන්න පුළුවන්. 75%කටත් වඩා අධික පාරිභෝගික පිරිසක් එල්පී ගෑස් සපයන ප්‍රමුඛතම ආයතනය වන ලිට්රෝ සමාගම සමග අත්වැල් බැඳගෙන සිටීම තවත් විශේෂ වූ කාරණාවක්.
වර්තමානයේ පවතින නව ප්‍රවණතාවය අනුව දුගී පැල්පතේ පවා ගෑස් සිලින්ඩරයක් වරදින්නේ නැහැ. එයට මූලිකත්වය ගත්තේ වගකිවයුතු රාජ්‍ය ආයතනයක් වන ලිට්රෝ සමාගමයි. ඔවුන් එල්පී ගෑස් සියලුම දෙනාට අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස පරිභෝජනය කළ හැකි පරිසරයක් නිර්මාණය කර අවසන්.
ඔවුන්ගේ වැඩපිළිවෙළට අනුව රට පුරා මධ්‍යස්ථාන දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් ස්ථානගත කරමින්, ගෑස් ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් සකසමින්, නිවසටම ගෑස් සිලින්ඩරයක් ලබාගත හැකි ආකාරයට සියලු කටයුතු ලේසි සහ පහසු කර ඇත.
එවගේම බොහෝ දෙනාට මිල සහන ලබාදෙමින් කාටත් මිලදී ගත හැකි ආකාරයෙන් ගෑස් මිල පාලනය කිරීම මගින් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් වූ LP ගෑස් භාවිතය සාමාන්‍ය ජනතාවටත් පරිභෝජනය කිරීමට හැකි වටපිටාවක් නිර්මාණය විය.
මෙකී ක්‍රියාවලිය තුළ අද වෙනත් අනාරක්ෂිත ඉන්ධන භාවිතා කරනවා වෙනුවට අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස LP ගෑස් භාවිතා කිරීමට බහුතරයක් දෙනා අවධානය යොමු කර ඇත.
No comments: